කතරගම ඇතකු ගෙන් පලි ගන්න වස දීලා කතරගම අභිනවාරාම විහාරස්ථානයේ හිඳින අසේල නම් ඇතා භාරව සිටි බව කියන ඇත්ගොව්වා කිසියම් අක්‍රමිකතාවයක් හේතුවෙන් එම රාජකාරියෙන් ඉවත් කර ඇති අතර ඒ හේතුවෙන් වෙනත් අයකු මාර්ගයෙන් හරහා විෂ යෙදූ කොමඩු ගෙඩියක් අලියාට ලබා දී ඇති බවත් වාර්තා වෙයි.සිදුවීම සම්බන්ධයෙන් ඇත්ගොව්වා විසින් කරන ලද පැමිනිල්ලකට අනුව එසේ වස දුන් බව කියන පුදගලයා කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කොමඩු ගෙඩිය ලබාදුන් පසු අලියාගේ වෙනසක් දුටු බවත් අලියා නොසන්සුන් වී මුඛයෙන් සෙම වගුරමින් සිටි බවත් ඇත්ගොව්වා පොලිසියට සඳහන් කර ඇත.නමුදු ඇතා එය ආහාරයට නොගැනීම නිසා එම වස ශරීරගත වී නොමැති බවක් ඇතා පරීක්ෂා කළ පශු වෛද්‍ය වරයා පවසා තිබේ.ඒ අතර මෙම වස දීමට සැලසුම් කල බව කියන පෙර පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.