අස්වැසුම ලබන සඳුදා සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම ලබන සඳුදා (28) ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.ඒ අනුව ගෙවීම් වලට අදාල සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට පළමු අදියරේදී දීමනා ලබාදීම සිදු කෙරේ.ගිණුම් විවෘත කර ඇති ප්‍රතිලාභීන්ට රාජ්‍ය බැංකු හරහා ගෙවීම් සිදු කිරීමට නියමිත ය.ජී. විජේරත්න මහතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමග ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වූ මුත් එහි නව සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න මහතා ඉකුත් 24 වන දා වැඩ භාර ගැනීමත් සමග මුදල් මුදා හැරීම සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලු නිරාකරණය වූ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

කාලීන පුවත්