“අනං මනං වැඩ” නවත්තලා ආවොත් දයාසිරිව භාර ගන්නවා  

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ තනතුරේ වැඩ තාවකාලිකව නතර කොට ඇති මුත් ඔහු ගේ අනංමනං වැඩ නතර කොට පැමිණිය හොත් පක්ෂ ලේකම් තනතුර හැර වෙනත් ඕනෑම තනතුරක් දිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. “එයාව අපි අයින් කරලා නෑ… තාවකාලිකව පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා…  එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව පක්ෂයට එන්න පුළුවන් අපි භාරගන්නවා. ලේකම් තනතුර හැර වෙන ඕනෑම තනතුරකට එයාව භාරගන්නවා. සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. ඒක ඕනෑම වෙලාවක අයින් කරගන්න පුළුවන් අපිත් එක්ක එකඟත්වයකට ඇවිත්, එයා කරන අනං මනං වැඩ නවත්තලා ආවොත්. “යැයි අද(06) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපති වරයා කීය.
කාලීන පුවත්