සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් ලෙස කීරි සම්බා රු. 260ක්, සම්බා රු. 230ක් සහ නාඩු රු. 220, රතු කැකුළු රු. 210 යැයි එම නිවේදනයේ සඳහන් කර තිබේ.
නියමිත මිල ගණනට සහල් අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළෙඳුන් වෙත දැනුම් දී තිබේ.
සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳසලක් ඇත්නම් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරියේ කෙටි දුරකතන අංකය වන 1977 වෙත තොරතුරු සපයන ලෙස අධිකාරිය මහ ජනතාවගෙන් ඉල්ල යි.