පෑලියගොඩ ලාබ මාළු ගමේ දී තාමත් ගණන්ලු

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ මාළු මිල ගණන් විශාල ලෙස අඩුවී ඇති අතර ඊයේ (28දා) වනවිට සාලයා කිලෝවක මිල රුපියල් 250, හුරුල්ලා කිලෝව රුපියල් 250, බලයා කිලෝව 400, අලගොඩුවා කිලෝව රුපියල් 400, කෙළවල්ලා කිලෝව 1400, තලපත් කිලෝව 2500, කොප්පරා කිලෝව රුපියල් 2500, දැල්ලා රුපියල් 800 ආදී වශයෙන් පහළ බැස තිබේ.මාළු මිල ගණන් මෙයාකාරයට පහළයෑමට හේතුවී ඇත්තේ සාගරයේ දියවැල් ක්‍රියාකාරීතවයන් ආදී හේතූන් මත මාළු අස්වැන්න ඉහළයෑම නීසා බව ද පැවසෙයි.එහෙත් මෙම මිල වාසිය නිසියාකාරයෙන් පාරිභෝගිකයන් අතර පත් නොවන අතර ඉන්ධන මිල හා අයිස් මිල ගණන් ආදිය ඉහළ යාම හේතුවෙන් මාළු අඩුමිලට දිය නොහැකි බව ඇතැම් ප්‍රාදේශීය මාළු වෙළඳුන් පවසන බවට පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

කාලීන පුවත්