ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ දී පුද්ගලයයකුට වෙඩි ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ ගිනි අවියක් ද සහිතව සැරිසරමින් සිටි පුද්ගලයකු වන ජීවී නිලධාරීන් ගේ වෙඩි ප්‍රහාරයකට හසු වී ඊයේ(15) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.මොහු නීති විරෝධී ලෙසින් ජාතික වනෝද්‍යානය තුළ දඩයමේ යෙදුණු පුද්ගලකු බව ද පැවසෙයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම පිණිස සහකාර පොලිස් අධිකාරී වරයකු ගේ ප්‍රධානත්වයයෙන් යුතු පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් තිබේ.