ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කරයි.පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්මාරකයක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පුරා වස්තු ආඥා පනතේ සඳහන් වේ.ඒ අනුව ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඒ අනුව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා සිද්ධිය පිළිබඳ තොරතුරු රැස්කිරීමට පුදබිම වෙත පිටත්කර යවා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.