නාමල් ගෙන් ප්‍රගතිශීලී ජනතාවට ඇරැයුමක්

කුමන්ත්‍රණ වලින් අරගල වලින් පොහොට්ටුව බය කිරීමට හෝ වට්ටන්න බැරි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගා රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කීය. ඊට එක් වන්නැයි ශ්‍රී ලංකාවාසී සියලු ප්‍රගතශීලී පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.පොදුජන පෙරමුණේ තංගල්ල කාර්‍යාලයේ පැවති උත්සවයකදී මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 15 දා පස්වරු 1ට පැවැත්වෙන අතර ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් පැමිණිමට නියමිත බව ද කීය.

කාලීන පුවත්