චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නව දේශපාලන සංවිධානයක්

දැනට පවත්නා ජාතික අර්බුද සඳහා විධිමත් විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද (29) සාකච්ඡා කොට තිබේ.ඒ බව අනාවරණය කරමින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට මෙම නව සන්ධානය පිහිටුවීමට නියමිත බවකි. එම නව සන්ධානයේ ලකුණ ලෙස බුලත් කොළය වෙනුවට පුටුව යොදාගැනීමට අදහස් කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය..අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

කාලීන පුවත්