විදුලි සැපයුම් ලබා ගැනීමේදී මෙරට ලක්ෂ 68ට ආසන්න විදුලි පාරිභෝගිකයන් විදුලි බල මණ්ඩලයේ තැන්පත් කර ඇති රුපියල් කෝටි 2100ට ආසන්න තැන්පත් ගාස්තු වෙනුවෙන් සියයට 11.67ක වාර්ෂික පොළියක් කඩිනමින් ජනතාව වෙත ගෙවීමට පියවර ගන්නා බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ඊයේ (පෙබ. 13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
විදුලි බල පනත යටතේ ගෙවිය යුතු එකී පොළිය 2023 වසර වෙනුවෙන් ගෙවීමට මේ වන විටත් සියලු පියවර ගෙන ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.