සමන්ත භද්‍ර යන ආරූඪ නාමයකින් පෙනී සිටින අතරේ මල්වතු මහා විහාරයෙන් ලබා දුන් අවවාද පවා නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේ ද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු පහතරට භික්ෂූන් වහන්සේලා මල්වතු පාර්ශ්වයේ මහා නාහිමිගෙන් ඉල්ලීමක් කර ඇත.ඤාණිස්සර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කීප නමක් ඊයේ (3 වැනිදා) මල්වතු විහාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක මෙම ඉල්ලීම කර ඇත.ව්‍යාපාර කටයුතුවල යෙදෙමින් ශාසනික වශයෙන්ද හානි කරමින් බෞද්ධයන්ගේද සිත් රිදවමින් තවදුරටත් කටයුතු කරන පිටිදූවේ සිරිධම්ම හිමියන් නිසා මල්වතු පාර්ශ්වයටද බරපතළ අපකීර්තියක් අත්වන බැවින් මෙම ඉල්ලීම කළ බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් මාධ්‍යයට පවසා තිබේ.ඒ අතර බෞද්ධ භික්ෂුවක ලෙස පෙනී සිටිමින් ශාසන ප්‍රතිපදාවනට මුළුමනින්ම පටහැනි ක්‍රියාවන් හි යෙදෙමින් බුදු සමය කෙරෙහි දැඩි අනර්ථකාරී බලපෑමක් කරන ඒ හිමියන් වටා මෙතරම් අති විශාල ධන සම්භාරයක් ඒක රාශී වීම කෙරෙහි ද රජයේ වගකිව යුතු අංශ විශේෂ අවධානය යොමු කළ යුතු බව මීට පෙර ද විවිධ අංශ මඟින් පෙන්වා දී තිබේ
.