ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්තියක්

ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව තීරණය කර තිබේ. සැප්තැම්බර් මාසයේදී මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දීමට නියමිත අතර එහි මූලික අරමුණ වන්නේ එම පාසල්වල ගුණාත්මක තත්ත්වය අනාවරණය කර ගැනීමය.

විෂය මාලාවන්, ගුරුවරුන්ගේ සුදුසුකම් ඇතුළු ක්ෂේත්‍ර කීපයක් සම්බන්ධයෙන් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත අතර එම පාසල් ශ්‍රේණිගත කෙරෙන්නේ ඒ ඒ පාසල් ගන්නා ලකුණු ප්‍රමාණය අනුවය.

එම ලකුණු ප්‍රමාණයන් අනුව ඒවායේ ගුණාත්මක තත්ත්වය හඳුනා ගැනීමට හැකිවන බව ජතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති පද්මිණී රණවීර පවසයි.

කාලීන පුවත්