ගම්පහ පොප එජාප ශ්‍රීලනිප රනිල් ගේ සහායට

එළඹෙන ජනාධිපතිවරණයේදී ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා සංවිධාන සැලැස්මක් සකසා ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගෙන් ගෙට යාම්, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, කුඩා ජන හමු මෙන්ම, ඩිජිටල් තාක්ෂණය උපයෝග කර ගනිමින් සිදු කරන මැතිවරණ මෙහෙයුම් කටයුතු ඒකාබද්ධව සිදු කිරීමට මෙහිදී සියලු පක්ෂ වලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් ද පත් කළ බව අමාත්‍ය වරයා පවසයි. ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දී තිබූ බරපතල ආර්ථික අර්බුදය සමනය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සැමගේ සහාය හිමි විය යුතු අතර ඒ හැකියාව සහිත එකම නායකයා ද රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවය.

කාලීන පුවත්