කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

සංචාරක කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගය DLS න්‍යාය අනුව කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනලදි.

ඒ අනුව ඔවුන් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 38යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ සමඟ DLS න්‍යාය අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කදී හිමි වූ ඉලක්කය ලකුණු 232ක්.එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 31යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5 ක් දැවී තරගයේ ජය හිමි කර ගන්නාලදි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1 – 0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටියි.

කාලීන පුවත්