විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

දින තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, කොළඹ,කළුතර,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල එම වැඩසටහන් සිදු කරන බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 50ක් එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනින් ආවරණය කරන අතර ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ලේකම්වරයා පැවසුවේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 41,285 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

 

කාලීන පුවත්