අද 11) සිට කොවිඩ් බූස්ටර් එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් එම අධිමාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සැලසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.මෙ අතර පොදු ස්ථානවලට යාමේදී එන්නත් දෙකම ලබාගැනීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නිතීපති උපදෙස් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඊට අමතරව බූස්ටර් එන්නත ද හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසයි.එමෙන්ම දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ පසු අධිමාත්‍රාව ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.