ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 10 වන පාර්ලිමේන්තුව ලබන 21 වනදා රැස්වීමට නියමිතයි.
මේ අතර නව පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීම ලබන 18 වනදා සිදුකිරීමට නියමිත බවටයි වාර්තා වෙයි.
පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ දී විශේෂ කටයුතු ලෙස කතානායකවරයා පත්කර ගැනීම , මන්ත්‍රීවරුන් දිවුරුම්දීම , නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත්කර ගැනීම ප්‍රධාන වශයෙන් සිදුවෙයි.
එම දිනයේ දී පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් දරණු ලබන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින්.