දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝ ග්රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත්, උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන් වෙයි.
නාඩු සහල් කිලෝ ග්රෑම් එකක උපරිම තොග මිල රුපියල් 225ක්, උපරිම සිල්ලර මිල රුපියල් 230ක්, සම්බා සහල් කිලෝ ග්රෑම් එකක උපරිම තොග මිල රුපියල් 235ක් සහ උපරිම සිල්ලර මිල රුපියල් 240ක් ලෙස එහි දක්වා තිබේ.
කීරි සම්බා කිලෝ ග්රෑම් එකක තොග මිල දක්වා ඇත්තේ රුපියල් 255ක් ලෙසයි.
එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වෙයි.
මේ අතර ආනයනික කැකුළු සහල් කිලෝ ග්රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 210ක්, ආනයනික නාඩු සහල් කිලෝ ග්රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 220ක් සහ ආනයනික සම්බා සහල් කිලෝ ග්රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙසයි පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.