බදුල්ල නුවරඑළිය දිස්ත්‍රික්කවල නාය යාමේ අවදානමක්

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානමක් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලිඇල, බදුල්ල, කන්දකැටිය , ඌව පරණගම , මීගහකිවුල සහ සොරණාතොට ප්‍රදේශවලට නාය යාම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම සංවිධානය දැනුම් දි ඇති බව වාර්තා වේ.එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයට ද මෙලෙස නායයාම් පිළිබඳව අවධානයෙන් සිටින්නැයි වැඩිදුරටත් දැනුම් දි ඇත.

කාලීන පුවත්