සත්ව සංගණන වාර්තාව සම්පූර්ණ නිරවුල් නැහැ

පසුගිය 15 වන දා සිදු කළ සත්ව සංගණනයේ වාර්තාව ලබන 28 වන දා ලැබෙන මුත් එය සම්පූර්ණ නිරවුල් වාර්තාවක් ලෙස සැලකිල්ලට ගත නොහැකි බැවින් තවත් කිහිප අවස්ථාවකදීම එම සංගණන කටයුතු සිදු කළ යුතු බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.වනසත්ව සංගණනය හරහා සත්ව කළමනාකරණය කිරීමට කල්පනා කළ හැකි බවත් පැවසු ඔහු ඒ අනුව වැඩි සත්තු විදේශගත කරන්නේද වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න තීරණය කළ හැකි බවත් පවසා තිබේ.අමාත්‍ය වරයා මෙම අදහස් පළ කළේ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී ය.

කාලීන පුවත්