මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග විනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය තමන් කිසිසේත්ම අනුමත නොකරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.ඔහු සඳහන් කරනුයේ පසුගිය රජයන් ගත් එවැනි වැරදි තීරණ වර්තමාන රජය විසින් නොගතයුතු බවකි.මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ මේ වන විට වැඩ තහනමකට ලක්ව බන්ධනාගාරගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරන ලද්දේ දෝෂාභියෝගයක් මඟිනි.එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟ වුව ද ඊට පදනම් වූයේ දිවි නැගුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අර්ථ නිරූපණය රාජපක්ෂ පවුල් පාලනයට හිතකර නොවීම
බවට සමාජ මතයක් නිර්මාණය විය.මහින්ද රාජපක්ෂ ජනාධිපති මහතාගේ දෙවන ධුර කාලය තුළ 2013 වසරේ දී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙස සිටියදී එලෙස ඇයව තනතුරෙන් නෙරපා හරිනු ලැබූ අතර රාජපක්ෂ පවුල් දේශපාලනය විසින් ගනු ලැබූ අයුක්ති සහගත තීරණයක් බව මේ වන විට ද සමාජමය පිළිගැනීමකට ලක් ව තිබේ.