සුසිල් ගෙන් හිස් වූ ඇමතිකම එස්.බී ට

සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය එස්.බී. දිසානායක මහතා වෙත ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

යුගදනවි ගිවිසුම ඇතුලු ආණ්ඩුවට අවාසි සහගත මාතෘකා කිහිපයකදීම වෙනුවෙන් එස් බී දිසානායක මහතා පසුගිය දින කිහිපයේදී රජයට පක්ෂපාතී ලෙස අදහස් දැක්වූ අතර රජයට එරෙහිව උද්ඝෝෂණ කරන්නවුන් මර්දනය කළ යුතු බව පැවසීම මත බොහෝ දෙනකුගේ අවධානයට ලක් විය.

එස්.බී දිසානායක මහතා පසුගිය ආණ්ඩු කිහිපයකම කැබිනට් අමාත්‍ය ධූර දරා තිබේ.

කාලීන පුවත්