ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවතට

ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරිමට අදාලව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සංශෝධනය කෙරේ. එම යෝජනාව ක්‍රියාත්මක කිරිම සදහා 2022 වසරේ අයවැය යෝජනා මගින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරිමට පියවර ගෙන ඇත. 2018 වසරේ අදාල වැටුප් යෝජනාවලිය පිළියෙල කරන අවස්ථාවේදි ගුරු උපදේශක සේවය ස්ථාපිත වී නොතිබුණි. එබැවින් එම සේවය සදහා ද වැටුප් පරිමාණ ඇතුළත් කරමින් ගුරු විදුහල්පති වැටුප් විෂඹතා ඉවත් කිරිමට හැකිවන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සංශෝධනය කිරිම සදහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි ඇත.

කාලීන පුවත්