ලෝක වෙළදපොළේ තෙල් මිල යළිත් ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි.
ඒ, නැගෙනහිර යුරෝපයේ සහ මැදපෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික උණුසුම හේතුවෙනි.
සැපයුම අඩාල වීමේ අවදානම සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86යි ශත 75ක් දක්වා ඉහළ ගොොස් ඇත.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වන්නේ, ඩොලර් 83යි ශත 65 ලෙසිනි.
ගෝලීය සැපයුම සීමා වීම සහ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් පසුගිය සතියේදී ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පසුගිය වසර 7කට පසු ඉහළම අගයට පත් ව ඇත.