විදුලි ගාස්තු අනිවාර්යෙන් ඉහළට;බිල ඉහළ නඟින හැටි ළඟදීම

විදුලි ගාස්තු අනිවාර්යයෙන් ඉහල නැංවිය යුතු බවත් එසේ ගාස්තු සංශෝධනය වන ආකාරය නුදුරේදීම ප්‍රකාශයට පත්කරන බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ ජනතාව විදුලිය අරපිරිමැස්ම සම්බන්ධයෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන බවකි. පසුගිය සතියේ මෙගා වොට්200ක විදුලි පිරිමැස්මක් ජනතාවගෙන් අපේක්ෂා කළ මුත් සිදුවූයේ මෙගා වොට් 200කින් ඉල්ලුම තවදුරටත් ඉහල යාම බව ද සභාපති වරයා පවසයි.සවස 6 සිට රාත්‍රි 9 දක්වා වායු සමීකරණ ඇතුලු විදුලිය වැඩි වශයෙන් වැය වන උපාංග ක්‍රියා විරහිත කොට හෝ සීමා කොට පවතින අර්බුදකාරී තත්ත්වය පාලනය සහය වීම ජනතාවගේ යුතුකම බව පවසන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති වරයා මේ හේතුවෙන් කොළඹ මහල් නිවාස සංකීර්ණ වල වායු සමීකරණ සඳහා විදුලි ජනන යන්ත්‍ර භාවිත කිරීමේ විකල්පයක් කෙරෙහි ද අවධානය යොමුව ඇති බව ද පවසයි. .

කාලීන පුවත්