“කොයි මොහොතක හෝ රුසියාව යුක්ක්‍රේනයට පහර දේවි” ඇමරිකාව කියයි ඉදිරි දින කිහිපය තුළ දී රසායනික අවි ප්‍රහාරයක් එල්ල කොට හෝ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අනතුරු අඟවා තිබේ.
රාජ්‍ය ලේකම් වරයා පවසා සිටියේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරිම සඳහා ඔවුන් විසින්ම අනෙක් පාර්ශවයට වරද පටවමින් කුමක් හෝ ප්‍රහාර දියත් කිරීමට ඉඩකඩ පවතින අතර එය බර අවි ප්‍රහාරයක් ද විය හැකි බවය.
මේ අතර රුසියාව විසින් අමෙරිකාව එල්ල කරනු ලබන සියළු චෝදනා ප්‍රතික්ෂේප කර .ඇත.