දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උරගයින්ගේ සහ කුරුල්ලන්ගේ බිත්තර විකිණීමේ ජාවාරමක් පසුගිය කාලය පුරා සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පවසයි.
එමෙන්ම,සත්වෝද්‍යානයයේ සිටි මැකෝ ගිරවා පසුගියදා අතුරුදහන් වූ බවට තොරතුරු වාර්තා වූවද,එම ගිරවා රුපියල් තිස් පන්දහසකට (35,000) අලෙවි කර ඇති බවට මේ වෙනවිට තොරතුරු ලැබී ඇතැයි ද ඇය පවසා සිටියි.