විදෙස් ආධාර වලින් යුක් රේන යුද ශක්තිය ඉහළට රුසියානු ආක්‍රමණය ආරම්භ වූ මුල් දින වලට සාපේක්ෂව යුක්රේනයේ යුද ශක්තිය වේගයෙන් ඉහළ නැංවෙමින් තිබෙන බව වාර්තා වෙයි.ඒ ඇමරිකාව,යුරෝපය ඇතුළු ලොව බොහෝ රටවලින් යුක්රේනයට යුද ආධාර ලැබීමත් සමඟිනි.. මේ අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ ජනප්‍රියත්වය ඉහළ නඟිමින් හා ඊට සාපේක්ෂව රුසියානු ජනාධිපති පුටින්ගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවත් ජාත්‍යන්තර තොරතුරු මඟින් අනාවරණය වෙයි.මෙම කල් ක්‍රියාව වහාම වෙනස් නොකළ හොත් රුසියානු ජනාධිපති වරයාට බොහෝ ජාත්‍යන්තර දොර කවුළු වැසී යනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය අනතුරු අඟවා සිටියි.