රට පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම අද සිට; ඇතැම් ප්‍රදේශ වල ප්‍රීති උත්සව

රට පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ කටයුතු අද(18) ආරම්භ කරන බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.ගෑස් මෙටි‍්‍රක් ටොන් 3500 ක් රැගත් නෞකාවකින් ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේ ආරම්භ විය.ඒ එම ගෑස් ආනයනය කළ ඕමාන් සමාගමට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 8 ක මුදල ගෙවා දැමීමට පියවර ගැනීමත් සමඟිනි.ඒ අනුව දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ සභාපතිවරයා කියයි. මේ අතර අද සිට ගෑස් බෙදාහැරීම ආරම්භ කළ හැකි බව ලිට්රෝ නියෝජිත වරුන් පාරිභෝගිකයන්ට දන්වා ඇති අතර ඇතැම් ප්‍රදේශ වල ගෑස් ලොරි පිළිගැනීම සඳහා ඒ ඒ ප්‍රදේශ වාසීන් ප්‍රීති උත්සව ද සංවිධානය කොට ඇතැයි ද නමුදු ගෑස් ඒජන්සි අසල රතිඤ්ඤා දැල්වීමෙන් වළකින ලෙස ලිට්රෝ නියෝජිත වරුන් පාරිභෝගිකයන්ට අනතුරු හැඟවීම් කොට ඇතැයි ද අප ප්‍රාදේශීය මාධ්‍යවේදීහු කියති.

කාලීන පුවත්