පැය දහයේ විදුලි කප්පාදු කතාව බොරුවක්!

දිනපතා පැය දහයකට අධික විදුලි කප්පාදුවක් සිදුකරන බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි.

විදුලිය කප්පාදු කිරීමේ තීරණය ගන්නේ අර්බුදය මනාව කළමානකරණය කර අදාළ නිර්නායකවලට අනුව පවත්නා ඉන්ධන මට්ටම අනුව බව ඔහු සඳහන් කරයි.

නමුත් ලංකා විදුලිබල මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට ජල විදුලිය එක් වීමේ ඌණතාව සහ ඉන්ධන මිල අසීමාන්තිකව ඉහළ නැඟීම සේම ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල බරපතල ලෙස අවප්‍රමාණ වෙමින් පැවතීම අනුව පැය දහයක් විදුලිය කැපීමට සිදු වීම අතිශයෝක්තියකින් තොර පුරෝකතනයක් විය හැකි බවයි.

කාලීන පුවත්