අගමැති පුටුවට රනිල්ට ඇරයුම්?

හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය තනතුර භාර දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සේම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එකඟ වී ඇතැයි ආණ්ඩු පක්ෂ සේම විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.එහෙත්,මෙම තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලතමයන් කිහිප දෙනකුගේ දැඩි විරෝධය පළ වී ඇති අතර එවැන්නක් ක්‍රියාත්මක වුවහොත් තමන් කණ්ඩායමක් ලෙස ආණ්ඩුවෙන් ඉවත් වන බව ද ඔවුන් පවසා ඇතැයි පැවසෙයි.ඒ අතර ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් දැනට රට පත් වී ඇති අර්බුදය දුරලීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාගේ නව ලිබරල්වාදී උපාය මාර්ග ඵලදායක ලෙස යොදා ගත හැකිය යන අදහසේ පසුවන අතර පසුගිය සර්ව පාක්ෂික හමුවේ දී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ගේ ප්‍රකාශයක් මුල් කොට ජනාධිපති වරයා වික්‍රමසිංහ මහතා ගෙන් සමාව අයැද සිටීමත් අගමැති වරයා අරලිය ගහ මන්දිරයේ මුළුතැන්ගේ කාර්ය මණ්ඩලය අමතා ඉදිරියේ දී අරලිය ගහ මන්දිරයේ වාසය කිරීමට එන අගමැති වරයා ට ද තමන්ට ලබා දෙන සහයෝගයම ලබා දෙන ලෙස ඉල්ලා සිටීමත් මෙම පුවත පැතිර යාමට හේතු වී තිබේ.එමෙන්ම ඒ නව අගමැති වරයා ගේ සම්ප්‍රාප්තිය තමන්ගේ ද එකඟතාව මත සිදු වන්නක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටීම රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය තනතුර හිමි වන්නට යාම සම්බන්ධ පෙර ළකුණු බව ඇතැමුන්ගේ අදහසය.එහෙත්,මෙම පුවත අග්‍රාමාත්‍ය කාර්යාලය මේ තාක් තහවුරු කොට නොමැති අතර ඒ සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිචාරය ද මෙතෙක් පළ වී නැත.

 

කාලීන පුවත්