වතුර බිල එස්.එම්.එස් වලින්

මේ වන විට පවත්නා කඩදාසි හිඟය මත මුද්‍රිත බිල්පත් නිකුත් කිරීමට ඇති අපහසුතාව සළකා එස් එම් එස් කෙටි පණිවිඩ මඟින් පාරිභෝගිකයන් වෙත ජල බිල්පත් යොමු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ වන විට කටයුතු යොදමින් සිටියි.
මෙලෙස මුද්‍රිත ජල බිල්පත් වෙනුවට ජංගම දුරකථන හිමි පාරිභෝගිකයන් මිලියන දෙක හමාරකට මෙලෙස එස් එම් එස්කෙටි පණිවිඩ මඟින් බිල්පත් යොමු කිරීමට යෝජනා වී තිබේ.ජංගම දුරකතන නොමැති ජල පාරිභෝගිකයන්ට පමණක් ජංගම බිල්පත් මුද්‍රණ යන්ත‍්‍ර භාවිතා කර බස් ටිකට් ප්‍රමාණයේ කුඩා ප‍්‍රමාණයේ බිල්පතක් ලබාදීමට ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සැළසුම් කර තිබේ.

කාලීන පුවත්