උත්සව සමයේ ආහාර පාන ප්‍රමිතිය ගැන දැනුම් දීමක්

දැනට පවත්නා විදුලි කප්පාදුව මුල් කොට ප්‍රධාන විදුලිය හා සම්බන්ධ කොට ඇති ශීතකරණ සහ අධිශීතකරණ වල තැන්පත් කොට ඇති සත්ව නිෂ්පාදන ඇතුළු ශීතනය මඟින් කල් තබා ගන්නා ආහාර පාන නරක් වීම මත එළඹෙන උත්සව සමයේ ඒවා පරිභෝජනය කිරීමේ දී විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.ඒ අතරේ ඉදිරි උත්සව සමයේ ගුණාත්මක තත්ත්වයෙන් යුත් භාණ්ඩ සහ ආහාර ජනතාවට සපයන්නේ ද යන්න නිරික්ෂණය කිරිමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද පවසයි.ඒ සම්බන්ධ වැටලීම් සහ පරික්ෂණ අඛණ්ඩව සිදුකෙරෙන බවත්. ඊට අදාල පැමිණිලි ඇත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට පැමිණිලි කළ හැකි බව එම සංගමයේ සභාපති උපුල් රෝහන මහතා කියයි.. ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් පිඑච්අයි ඩොට් එල්කේ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පිළිබඳ තොරතුරු ලබාගත හැකි අතර එසේ නොමැති නම් 0112 63 56 75 දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද පවසයි.

කාලීන පුවත්