IMF වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඕනෑ

මේ වන විට ලැබී ඇති ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) කාර්යය මණ්ඩල වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. එම වාර්තාව මුල් කොට රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බව වික්‍රමසිංහ මහතා කියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මූල්‍ය සහන ලබා ගැනීමට රජය තීරණය කොට ඇති බැවින් පාර්ලිමේන්තුව තුළ එම වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව වික්‍රමසිංහ මහතා පවසයි.මේ අතර පසුගිය දා ජනාධිපති වරයා ගෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුවේ දී ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව වික්‍රමසිංහ මහතා තරයේම අවධාරණය කොට තිබේ.

කාලීන පුවත්