අගමැති රනිල් මාධ්‍යවේදීන් හමුවේ ජනපති වරයා “ගෝටා” නමින් හඳුන්වපු හැටි

අප රටේ දේශපාලන සංස්කෘතිය අනුව අග්‍රාමාත්‍ය වරයා රටේ ප්‍රධානතම පුරවැසියා වන ජනාධිපති වරයා සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කරන විට යම් ගෞරවනීය හැඳින්වීමක් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.එහෙත්,ඊයේ(13) අප රටේ නව අගමැති වරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා එම දිවුරුම් දීමෙන් අනතුරුව කොල්ලුපිටිය වාලුකාරාමයට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙන අතරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “ගෝටා “නමින් මාධ්‍යවේදීන් ඉදිරියේ හඳුන්වන ලදී.

ලොව දියුණු රට වල රාජ්‍ය නායකයන් ඇතුළු දේශපාලකයන් සාමාන්‍ය ජන සමාජයේ මිනිසුන්ම වන අතර වත්මන් රාජ්‍ය නායකයන් “රජ වරුන්”ලෙස හැඳින්වීම අප රටේ දේශපාලන සංස්කෘතිය තුළ පවතින යල් පැනගිය වැඩවසම්වාදී ලක්ෂණයකි ඒ අනුව නව ලිබරල්වාදී අදහස් දරන වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උච්ඡාරණයට පහසු ලෙස ඔහුගේ නමින් කොටසක් යොදා ගනිමින් ගෝටා යනුවෙන් හැඳින්වීම පිළිබඳව ප පුදුම විය යුතු නැත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න වලය පිළිතුරු වශයෙන් කළ එම සම්පූර්ණ ප්‍රකාශය මෙලෙසිනි. “මේ රටේ ආර්ථිකය ගොඩගන්න ඕන. මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඊළඟ මාස කිහිපය මීටත් වඩා අමාරු වෙනවා. අපි මේකෙන් ගොඩ එන්න ඕන. ඒ ගොඩ එන්න තමයි මම බාර ගන්නෙ. ඒ වැඩකටයුතු ඉටු කරන්න. අපිට මේක තනියම කරන්න බෑ. අනික් රටවල….. .වල ආධාර ඕන. ආපහු තුන් වේලක් කන ජාතියක් වෙන්න ඕන.


රුපියලට වටිනාකමක් තියෙන්න ඕන. තරුණයන්ට අනාගතයක් තියෙන්න ඕන…… අපි කිව්වා ගෝඨා ගෝ ගමට අත ගහන්නෙ නෑ. ඒක ගෙනියන්න ඕන. පොලිසියත් කරන්නෙ නෑ මොකුත්. අරගලය ගෙනියන්න ඕන. මට රනිල් ගෝ ගම කියලා හදලා නෑ. රනිල් ගෝ හෝම් කියලා මගේ ගෙදර ඉස්සරහ තිබුණා. මට හරි ප්‍රශ්නයක් වුණා. මොකද මම ගෙදර ඉන්නෙද්දි මේවා කරද්දි. බහුතරය ගැන ප්‍රශ්න කරන්න එපා. මම බහුතරය පෙන්නන්නම්. මට තියෙනව දෙපැත්තම. මම ඔබෙන් අහන්නෙ මේ රටේ අද මිනිස්සු දුක් විඳින එක නවත්තන්න ඕන ද නැද්ද කියලා. මේ පටු දේශපාලනය කරන්න තුන් වේලක් කන්න බැරි වුණත් කමක් නෑ. අපිට ප්‍රෙට්ට්‍රෝල් නැති වුණත් කමක් නෑ. අපිට ඩීසල් නැති වුණත් කමක් නෑ. අපිට විදුලි බලය නැති වුණත් කමක් නෑ. මම කියන්නෙ මං මේව අරගෙන දෙනවා පක්‍ෂෙ සියලු දෙනාගෙම පාර්ලිමේන්තුවේ සියලු දෙනාගෙම සහයෝගය ඇතිව(මාද්‍යවේදියකුටා හරි ඔයා කියන්නෙ මිනිස්සු දුක් විදින්න ඕන කියන එකනෙ. පටු දේශපාලනෙ නෙ ඔයගොල්ලො ඉන්නෙ. මේ මාධ්‍යයෙන් නෙ මේක ඇති කරේ. ඔයගොල්ල කිව්වෙ නැද්ද ගිහින් ගෝටට ඡන්දය දෙන්න කියලා. (මාධ්‍ය මායික්‍රෆෝන පෙන්වමින්)මෙතන එකක් ගෝටට ඡන්දය දෙන්න එපා කිව්වද කියලා(මාධ්‍ය ආයතන තුනක මයික්‍රෆෝන පෙන්වමින්) මේ තුනෙන්ම කියන්න මට මේ තුනෙන්ම කියන්න කවුද ගෝටට ඡන්දය දෙන්න කිව්වෙ කියලා.

අරුමැසි පුවත්