දුම්රිය බස් රිය ධාවනය යථා තත්වයට

මුළු දිවයිනටම පැන වූ ඇඳිරි නීතිය අද (17) අලුයම 5.00 ට ඉවත් කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව වාර්තා වෙයි.ඒ අනුව, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සහ අන්තර් පළාත් බස් රථ මේ වනවිට ධාවනයට එක් කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩල සහ ජාතික ගමනාගමන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි..කෙසේ වෙතත් ඉන්ධන ගැටලුව හේතුවෙන් ඇතැම් ධාවන වාර අවලංගු කිරීමට සිදුවනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.මේ අතර කාර්යාලීය සහ සෙසු දුම්රියන් සාමාන්‍ය කාලසටහන්වලට අනුව මේ වනවිට ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කාලීන පුවත්