ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්නැයි සීඅයිඩිය ඉදිරිපිට උද්ඝෝෂණ

මැයි 09 වනදා කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඒ මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් අරඹා තිබේ.එම සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වගකිව යුතු බව සනාථ කෙරෙන වීඩියෝ සාක්ෂි තිබිය දී ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන පිටත් කර හැරීම නීතියේ ආධිපත්‍යයට කරන කුරිරු සරදමක් බව විරෝධතා කරුවෝ කියා සිටිති.

කාලීන පුවත්