අද සිට බස් ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා 19.5%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවුණු බස් ගාස්තු සංශෝධනය අද(25) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළ නැංවුණු අතර,රුපියල් 2,022 ක් ලෙස පැවති සාමාන්‍ය සේවා උපරිම බස් ගාස්තුව රුපියල් 2,417 ක් දක්වා ඉහළ යනු ඇත.

ජාතික ගමනාගමන කොමිසන් සභාව සඳහන් කළේ අධිවේගී මාර්ග, අධිසුඛෝපභෝගී බස් රථ ගාස්තු ද ඉහළ නංවා ඇති බවයි.

මේ අතර පළමු මීටරය සඳහා වන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් පමණ වැඩි කිරීමට වෘත්තීය ත්‍රිරෝද රථ සේවක සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා නව ගාස්තුව රුපියල් 100 කි.

කාලීන පුවත්