ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව:  අස්ගිරි පාර්ශවයෙන් බලාපොරොත්තුවක්

 

දැනට බන්ධනාගාරගතව වැඩ හිඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වනු ඇතැයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ බලාපොරොත්තු පළකරති.මේ වන විටත් නොයෙක් නිකායන්හි ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා ඥානසාර හිමියන්ගේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදිය හැකිද යන්න පිළිබඳව මහ සංඝරත්නයේ සහ මහජනතාවගේ අදහස් විමසා ඇති බව උන්වහන්සේ පවසා ඇත.පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2018 වසරේදී අභියාචනාධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර 6ක සිරදඬුවමකට යටත් කරන ලදී.අධිකරණ තීන්දුවකින් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 මැයි මාසයේදී උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදුන්නේය. නමුත් අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය, එම ජනාධිපති සමාව අත්තනෝමතික සහ වලංගු නොවන බවට තීන්දු කළේය.ඒ අනුව සැප්තැම්බර් 10 වන දින ලබාදුන් එම තීන්දුවෙන් පසු උන්වහන්සේගේ වසර 6ක සිරදඬුවම යළි ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේට නැවතත් බන්ධනාගාරගත වීමට සිදු විය.ධම්මානන්ද හිමියන් පෙන්වා දෙන්නේ එහිදී සිදු වූ යම් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම ක්‍රියාවලිය අපේක්ෂිත පරිදි සම්පූර්ණ කිරීමට නොහැකි වූ බවයි.මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍ය බව උන්වහන්සේ පවසා ඇත.“නීති විශාරදයන්ගේ උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව හිමිවන ක්‍රියාවලියක් ආරම්භ වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යැයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.කෙසේ වෙතත්, ජනාධිපති නීති අධ්‍යක්ෂ ඩබ්.එම්. විජේබණ්ඩාර මහතා පසුගිය 18 වන දින The Morning පුවත්පතට පවසා ඇත්තේ,  ඥානසාර හිමියන්ගේ සිරදඬුවම ආපසු හැරවීමට හෝ සමාවක් ලබාදීමට කිසිදු සැලැස්මක් නොමැති බවයි.

කාලීන පුවත්