මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ප්රමුඛ ඉහළ පෙළේ ඉන්දීය නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා ආරම්භ කිරීමත් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මඟින් ශ්‍රී ලංකාවට ආධාර සැපයීම සම්බන්ධයෙන් කරුණු විමසා සිටීමත් කෙරෙහි දේශපාලන නිරීක්ෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.ඔවුන් වැඩි දුරටත් පවසනුයේ මෙම රටවල් දෙකෙන් ආධාර ලබා ගැනීමේ දී වැඩි වාසි දායක කොන්දේසි පිළිබඳව සේම භූ දේශපාලනික සාධක කෙරෙහි ද රජයේ අවධානය යොමු විය යුතු බවකි.