ශ්රී ලංකාවට එන බව දන්වා තිබූ ඔක්ටෙන් 92 පෙට්රල් මෙට්රික් ටොන් 40000ක් රැගත් චැම්පියන් පුලා නම් නැව කොළඹ වරායට සේන්දු වී නැත්තේ විදේශීය බැංකුවකින් ඊට අදාළ ණය වර ලිපි මුදා හැරීම ප්රමාද වීම නිසා බව පැවසෙයි. රුසියාවේ ටාමන් වරායේ සිට ශ්රි ලංකාවට දකුණු දෙසින් ගමන් මාර්ගයේ පැමිණි එම නැව මේ වන විට ශ්රී ලංකා මුහුදු සීමාව පසු කොට දකුණු ඉන්දියානු ක්රිෂ්ණපට්නම් වරාය වෙත සේන්දු වී ඇතැයි පැවසෙයි.මෙම නෞකාව හැර ශ්රී ලංකා මුහුදු ආසන්නයේ ශ්රී ලංකාවට ඉන්ධන ගෙන්වන වෙනත් කිසිදු නෞකාවක් නැත.