එළඹෙන මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර ගන්න සහනාධාරයක් එළඹෙන මහ කන්නයේ වී වගාවේ දී සියයට 30ක් පරිසර හිතකාමී පොහොර භාවිතයට අවස්ථාව ලබා දෙන අතර කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට රුපියල් 20,000ක් බැගින් සහනාධාරයක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.ඒ එළඹෙන මහ කන්නයේ වී වගා කිරීමේ දී සියයට 70ක් රසායනික පොහොර ද, සියයට 30ක් කාබනික පොහොර ද වශයෙන් යොදා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලද හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා හා කෘෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ විද්වතුන් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිර්දේශ කර තිබීම පදනම් කරගෙනය.ඒ අනුව ලබන මහ කන්නයේදීත් වී ගොවීන්ට කිලෝග්‍රෑම් 50කින් යුත් පොහොර මිටියක් රුපියල් 10,000 බැගින් වූ මිලකට ලබා දීමටත්, හෙක්ටෙයාරයකට යුරියා පොහොර කිලෝග්‍රෑම් 125ක් බැගින් ලබා දීමටත් කටයුතු කරන බව අමාත්‍ය වරයා සඳහන් කරයි.ඉහත සඳහන් සහනාධාරය සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1600කි.