ආසන්න රටවල භූමි හා සාගර කි‍්‍රයාකාරකම් ගැන ඉන්දියාව හෝදිසියෙන් ඉන්නවා

තම ආසන්න රටවල භූමි හා සාගර කලාප ආශ්‍රිතව සිදුවන කි‍්‍රයාකාරකම් වලින් තම රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් සිදුවන්නේ දැයි නිරන්තර අවධානයෙන් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි.ඒහම්බන්තොට වරායට පැමිණි යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවෙන් කිසිඳු රටක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බැවින් එහි කටයුතු සඳහා තුන්වැනි පාර්ශවයකින් බාධා නොකළ යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ නියෝජ්‍ය ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ වැංග් වෙන් බින් මහතා පසුගිය දා ප‍්‍රකාශ කළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙසිනි. තායිලන්තයේ බැංකොක් නුවර පැවති ඉන්දු – තායිලන්ත ඒකාබද්ධ කොමිසමේ 9 වන සැසිවාරයේ මාධ්‍ය හමුවේදී ඉන්දීය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය වරයා මේ බව අනාවරණය කොට තිබේ.නමුදු හම්බන්තොට වරායට පැමිණි යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව නිසා ඉන්දියාවට සිදුවන බලපෑම කුමක්දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ විමසුමට ඉන්දියාව ප්‍රතිචාර දක්වා නොතිබීම ද විශේෂත්වයකි.

කාලීන පුවත්