විදුලි කප්පාදුවට නිමාවක්

ඉදිරි මාස කිහිපය තුළ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතායක් මතු නොවනු ඇති බව මහජන උපයෝගිතා කොමසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.පසුගිය 03 වන දා සිට විදුලි ඉල්ලුම වැඩිවීම සහ 05 වන දා සිට විදුලි සැපයුම වැඩිවීම යන හේතු මත පසුගිය සතියේ ද විදුලි කප්පාදුවක් සිදු නොවූ අතර ජල සහ ගල් අඟුරු ප්‍රශ්නයක් පැන නොනැඟුණ හොත් ඉදිරි දෙසැම්බරය තෙක් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇතැයි මහජන උපයෝගිතා කොමසමේ සභාපති වරයා කියයි.ඔහු මේ බව කියා සිටියේ ඊයේ(08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

කාලීන පුවත්