ශ්‍රී ලංකන් ගුවන් සමාගම හැමදාම රටට කළේ විනයක්ම බවත් ගුවන් සමාගමට ගුවන් යානා මිලට ගැනීම සම්බන්ධ මුදල් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ගිණුමට බැර වූ බවත් වාර්තා වූ බව සමාජ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.එමෙන්ම එහි හිටපු සභාපති කපිල චන්ද්‍රසේන විසින් ඩොලර් මිලියන විස්සක් පාගා ගෙන ඇති බව ද හෙතෙම සදහන් කළේය.ඔහු මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පළ කරමිනි.