ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය නිරාවරණය කිරීමේ ඓතිහාසික අවස්ථාව උදා වෙයි

ahinsa-smarakaya

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය නිරාවරණය කිරීමේ ඓතිහාසික අවස්ථාව අද(09) පෙරවරු 10ට කුරුණෑගල, පාදෙණිය ඔස්සේ වැටීගත් මාර්ග අංක 57 දරණ කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව, සෙනරත්ගම පූලංචිය වැව අද්දර “ගිමන්හල” පරිසර උද්‍යානයේදී උදා විය.

ගල්ගමුවේ වනගහනයන් හි ජීවත්ව සිටිය දී ඛේදනීය අකල් මරණ වලට ලක් වූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා ‍යන ඇත් රජුන්ගේ සජීවී රූපකායන් සමඟ ක්ෂීරපායි,පක්ෂි,මත්ස්‍ය, සමනල, උරග යන සත්ව ප්‍රජාව සංකේතවත් කරන බිතු කැටයමකින් යුතු මෙම ස්මාරකය එය තැනූ අහිංසා ශ්‍රී ලංකා සත්ව අහිංසා සංවිධානය විසින් ගල්ගමුව ප්‍රාදේශීය සභාව වෙත භාර දීම මෙහි දී සිදු කරන ලදී.

මෙම මාර්ගය ඔස්සේ අනුරාධපුර වන්දනාවේ යන සැදැහැවතුනට සහ වෙනත් ගමන් බිමන් යන්නවුන්ට ගමන් වෙහෙස නිවා ගත හැකි තුරු ලිය මඬුල්ලකින් සැදුම් ලත් මෙම “ගිමන්හල” පරිසර උද්‍යානය අද සිට මෙහි පැමිණෙන්නවුන් හට සත්ව අහිංසාව පිළිබඳ ආකල්ප ප්‍රවර්ධනය කර ගත හැකි ක්ෂේම භූමියක් ද වනු ඇත.

මේ වන විටත් සනීපාරක්ෂක පහසුකම් සහිත මෙම ගිමන්හළ පාරිසරික උද්‍යානය හා සබැඳි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ද කඩිනමින් ඇරඹීමට නියමිතය.


එතෙර - මෙතෙර