ලෝක බැංකුවෙන් රතු එළි

ලබන වසරේදි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව ඇමරිකාවේ වොෂිංටන් හිදී ආරම්භ විය.

ශ්‍රී ලංකා නියෝජනය කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන අය එක්ව සිටිති.

ලෝක ආර්ථිකය ප්‍රමුඛ ගෝලීය ප්‍රවනතා, දුප්පත්කම තුරන් කිරීම, ආර්ථික සංවර්ධනය මෙන්ම ආධාර භාවිතයේ කාර්යක්ෂමතාව වැනි කරුණු ඇගයීමට ලක් කිරීම සමුළුවේ  අරමුණ වේ.

 

 

කාලීන පුවත්