නිරෝධායන ඇඳිරි නීතිය පවතින අතරේ සුරාසැල් විවෘත කිරීමෙට තීරණය කළේ කවුද යන්න සොයා බැලීමට වඩා වැදගත් වන්නේ විවෘත කළේ කුමන අරමුණක් මතද යන්න විමසීම වැදගත් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. නිරෝධායන ඇඳිරි නීති කාලයේදී සුරාසැල් වසා තැබීම නිසා ග්‍රාමීය මට්ටමින් විෂ මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවත්, විෂ මත්පැන් උවදුරින් ජනතාව බේරා ගැනීම සඳහා සුරාසැල් විවෘත කළ බවත් මන්ත්‍රීවරයා කියයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් එස්.බී. දිසානායක මහතා මේ බව ප්‍රකාශ කරයි.