දිට්වා ව්‍යසනයෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය යළි විවෘත කර මේ වසර අවසන් වීමට පෙර කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමේ සැලසුමට පවතින අයහපත් කාලගුණ තත්ත්වය යළිත් බාධා එල්ල කර තිබේ.උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට සැලසුම් කර තිබුණද, පවතින කාලගුණ තත්ත්වය හමුවේ එම කටයුතු අවසන් කිරීමට තවත් කාලයක් ගත වනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.කාලගුණය යහපත් වූයේ නම් මේ වසර අවසානයේදී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකියාව තිබූ බව ද ඔහු සඳහන් කරයි.උඩරට දුම්රිය මාර්ගය යළි සක්‍රීය කිරීමේ කටයුතුවලට අයහපත් කාලගුණය බලපා ඇති ආකාරය පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය කිරීමට ගත් උත්සාහයෙන් ද පැහැදිලි වේ. කොළඹ කොටුවේ සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබුණද, මාර්ගයේ ඇතැම් ස්ථානවල සිදුවූ ගල් පෙරළීම් සහ පස්කඳු කඩා වැටීම් හේතුවෙන් එම ධාවන කටයුතු ද යළි නතර කිරීමට සිදුවූ බව සාමාන්‍යාධිකාරීවරයා කීය.දිට්වා ව්‍යසනයෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකට නායයෑම්, පස්කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් හේතුවෙන් හානි සිදුව තිබිණි. එම හානි පිළිසකර කර දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් සිටියි.කෙසේ වෙතත්, උඩරට දුම්රිය ගමන යළි ආරම්භ කිරීමේ බලාපොරොත්තුව මුළුමනින්ම අත්හැර නොමැති බව ද රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි. කාලගුණ තත්ත්වය යහපත් වූ වහාම මාර්ගය විවෘත කර බදුල්ල දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.ඒ අනුව, උඩරට දුම්රිය මාර්ගය යළි විවෘත කිරීමේ දිනය තීරණය වීම පවතින කාලගුණ තත්ත්වය සහ මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීම මත රඳා පවතී.