බියගම මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

බියගම නුවරපාර පට්ටිවිල ප්‍රදේශයෙන් සුළු ගංවතුර අවදානමක් ඇතිවීම හේතුවෙන් මේ වනවිට එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

පට්ටිවිල මංසන්ධියේ සිට බියගම හන්දිය දක්වා කිලෝමීටර් 2ක පමණ ප්‍රදේශයක ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

ඒ අනුව බියගම නුවර පාර පට්ටිවිල ප්‍රදේශය පසුකර යන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම සිදුවී ඇති අතර මේ නිසා කැලණි ගඟ අවට ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ද ඇති වී තිබේ.

කාලීන පුවත්